Wednesday, September 18, 2013

අලුත් E-Mail SMS මගින් ඔබේ ජංගම දුරකථනයට ලබාගන්න

| |
අද මම කියන්න යන්නේ අපිට අලුතෙන් Email එකක් ආව ගමන් SMS එකකින් අපිට ඒක Phone එකට ලබා ගන්න පුලුවන් ක්‍රමයක්..  මේ වගේ වැඩ කරගන්න වෙනම Site තියෙනවා... ඒත් ඒවා එකක්වත් Free නෑ... ඔක්කෝම සතියක් විතර නොමිලේ දීලා පස්සේ සල්ලි ඉල්ලනවා...
හැබැයි මේක කරන්න පුලුවන් Gmail වලට විතරයි... ඒකයි තියෙන එකම අවුල.. 

මේකේ වෙන වැඩ පිලිවෙල කීවොත් අපිට එවන Email Reminder එකක් විධියට Google Calender එකට ඇතුලු වෙනවා.ඊට පස්සේ Google Calender එකෙන් අපිට ඒ ගැන දැනුවත් කරන්න SMS එකක් එවනවා.



මේකෙදි අපිට පුලුවන් හැම Email එකට SMS එන්න හා අපිට අවශ්‍ය Email එකකින් විතරක් Email එන විධියට හදාගන්න.. 

එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු..
මුලින්ම Gmail එකට Log වෙන්න.



දැන් Settings Click කරන්න.


දැන් Settings වල Label Click කරලා Create New Label Click කරන්න


Label Name එකට gmailsms කියලා දාන්න. වෙන නම් දැම්මා කියලා වැ‍ඩ කරන්නේ නෑ.කාටහරි නම වෙනස් කරගන්න ඕනේනම් Comment එකක් දාන්න. මම උදව් කරන්නම්


දැන් Search Bar එකේ පහලට තියෙන Arrow එක Click කලාම පහල තියෙනවා වගේ එකක් එයි. එතනින් අපි From කියන තැනට Email දාලා විශේෂ Email කිහිපයකින් විතරක් SMS එන විධියට හදා ගන්න පුලුවන්.


අපිට හැම Email එකක්ම SMS එකකින් ගෙන්වා ගන්න ඕනේනම් කරන්න තියෙන්නේ Has The Words කියන තැනට is:inbox කියලා දාන එක විතරයි. ඊට පස්සේ Create filter for this search > Click කරන්න.


ඊට පස්සේ එන එකෙන් Apply the label කියන තැනට අපි අර කලින් හදාගත්ත label එක දාලා ඒක Tick කරන්න. දැන් Create filter Click කරන්න.

දැන් Google Docs වලට login වෙන්න.

දැන් තමා හොදම හරිය. මේ ටික හොදට බලාගෙන හරියටම කරන්න. දැන් පහල Link එකට යන්න.


Yes,Make A Copy Click කරන්න.


දැන් Tools වල Script Editor යන්න.


දැන් එතන Current Projects triggers කියන එක Click කරන්න.


දැන් Add a new trigger Click කරන්න.


දැන් from spreadsheet කියන එක වෙනුවට Time-driven කියන එක දෙන්න.ඊට පස්සේ hour timer කියන එක වෙනුවට minutes timer කියලා දීල save කරන්න.


දැන් Continue Click කරන්න.


දැන් Grand Access දෙන්න.


දැන් අවසාන කොටස.
දැන් පහල Link එකෙන් Google Calender එකට යන්න.

දැන් එතන Settings වලට යන්න.

දැන් Mobile Setup ගිහින් Phone Number එකදෙන්න. මතක ඇතිව නම්බරේ ඉස්සරහට +94 Country Code එක දාන්න  [+94712345678]
ඊට පස්සේ Send Verification Code Click කරන්න. Phone එකට එන Pin එක දාලා Finish Setup දීලා Save කරන්න.


Then, SMS වලින් Notification එවන්න කියලා Tick කරලා Save කරන්න. 



දැන් ඔක්කෝම හරි.අතත් රිදෙනවා Type කරලා.
 අද ලිපිය සැහෙන්න දික් උනා නේද... මොනවා උනත් කියලා දෙන දෙයක් තේරෙන්න කියලා දෙන්න එපැයි. එහෙනම් වැඩේ ගැන Comment එකක් දාලාම යන්න.ඒක මට ගොඩක් වැදගත්.


Powered by Blogger.