Thursday, September 19, 2013

සුපිරියටම Orders එන GIG එකක් හදමු | Fiverr කුප්පිය #03

| |
කොහොමද ඉතින්... එහෙනම් අද මම කියලා දෙන්න යන්නේ සුපිරියටම Orders එන GIG එකක් හදන විධිය.

කලින් Fiverr ගැන දාපු Post බැලුවේ නැත්නම් ඉක්මනට ඒවත් පහලින් ගිහින් බලලා එන්න. නැත්තන් මේ කියන ඒව ඔයාට ජිංගල් බෙල්ස් වගේ වෙයි. 

සල්ලි උල්පත - Fiverr | Fiverr කුප්පිය #01


ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා කොච්චර GIG දැම්මත් Orders නෑ.. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා GIGS 1-2 විතර දාලා තියෙන්නේ.ඒත් දවසකට Orders 4-5 කට වැඩිය එනවා.. මේකට හේතුව  Fiverr CS එකෙන් ඇහුවොත් පුලුවන් තරම් Promote කරන්න කියනවා Social Network වල. ඒ කොච්චර promote කලත් Orders නැති අය ඉන්නවා.. ඒකට බලපාන ලොකුම හේතුවක් තමයි GIG එකේ අන්තර්ගතය..

ගිග් එකක් විකිණිමට බලපාන කරුණු.


[$] GIG එකේ Title එක හා Description එක
[$] GIG එකේ Video එක හා Work Samples
[$] Buyerලා විසින් අපට ලබාදුන් Reviews
[$] Buyer එක්ක අපි ඇතිකරගත් විශ්වාසය

හරි. දැන් මේවා ටිකත් ඔලුවේ තියාගෙනම අපි GIG එකක් හදන වැඩේට යමු.

මේකේ අපිට මොනවද විකුණන්න පුලුවන්. 


තමන් දක්ෂ තමන්ට කරන්න පුලුවන් ඕනෙම දෙයක් විකුණන්න පුලුවන්... පහල මම දාලා තියෙනවා සාමාන්‍යයෙන් Fiverr එක් විකිණෙන දේවල්..

[$] Graphic Designing මේවා කරන්න කොච්චර Sellersලා හිටියත් ඕන තරම් Orders තියෙනවා.මේකෙද් අපි ගාවට එන Buyer කෙනෙක්ගේ හිත දිනාගත්තොත් (මම අදහස් කලේ විශ්වාසය දිනා ගත්තොත් කියන එක)  ඉදිරියට එයා එයාගේ ඔක්කෝම Graphic Design වැඩ අපිට භාරදෙන්නත් ඉඩ තියෙනවා.. අත්දැකීමෙන් කියන්නේ..
[$] ඒ වගේම Social Marketing පුලුවන්.ඒ කියන්නේ අපිට Facebook Likes,Followersලා වගේ දේවල් විකුණන්න පුලුවන්.
[$] Programming එහෙම හොදට පුලුවන්නම් ඉතින් ගොඩම තමා...
[$] තව අපිට Ebooks වගේ දේවලුත් විකුණන්න පුලුවන්.
[$] ඊට අමතරව අපේ ගෙදර ලස්සන සත්තු එහෙම ඉන්නවානම් උන්ගේ photo ගහලා විකුණන්නත් පුලුවන්.     
[$] ඒ වගේම අපිට Reselling කරන්නත් පුලුවන්.(අපි ඒ ගැන ඊලග Post එකේදි කතා කරමු.)

[$] ‍සමහර අයනම් ඉතින් මේකෙ මුලු ඇගම විකුණනවා
http://fiverr.com/seducea/take-pictures-holding-a-sign-to-promote-your-business-or-personal-message--3
http://fiverr.com/peach93/write-any-message-on-my-finger-and-sexily-bite-it
http://fiverr.com/blondekitten/let-my-cute-cats-hold-your-message
මේ ටික දැම්මේ පොඩි අදහසක් ගන්න... මීට අමතරව ඔයාලට අදහස් ගොඩක් තියෙන්න පුලුවන්. දෙපාරක් හිතන්න එපා GIG එකක් හදන්න. GIG 20ක් අපිට එක Account එකකට හදන්න පුලුවන්.


එහෙනම් අපි GIG එක හදන්න පටාන් ගමු.


මුලින්ම අපි කලින් හදපු Account එකට Log වෙන්න.
ඊට පස්සේ 

දැන් My GIGS වලට යන්න.

දැන් මෙන්න මේ වගේ එකක් පෙනෙයි.


දැන් ඒකෙ Create a GIG කියන එක Click කරන්න.


මේක තමා GIG එකක් හදන තැන.

GIG Title



  • අපි දාන Title එක කඩ්ඩෙන් සුපිරියටම දාන්න ඕනේ. සුපිරියට කියලා නොතේරෙන වචන දාලා හරියන්නේ නෑ.. Simple  English වලින් සුපිරියටම දාන්න ඕනේ..
  • Title එකෙන් කියවෙන්න ඕනේ හරියටම අපි මොනවගේ වැඩක්ද කරන්න යන්නේ කියලා...
  • ඒ වගේම අපි ඒකට ගන්න කාලය කොච්චරක්ද කියලත් කියවෙන්න ඕනේ... වෙලාව දාද්දි "In A Day" කියලා දානවට වඩා "In 24 Hours" කියලා දාපුහාම ඒක ටිකක් කාලය අඩුයි වගේ පෙනෙනවා. වෙලාව දාද්දි ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
  • ඒ වගේම ඔයාගේ Title එක අකුරු 50කට වගේ සීමා කරන්න.
  • පුලුවන් තරම් Short & Sweet විධියට දාන්න.
  • ඒ වගේම ඔයා GIG එක දාන Sub-Category එකට අදාල වචනය කැපිටල් (Upper Case Letters) වලින් දාන්න. ( අපේ Sub-Category එක LOGO Design නම් LOGO කියන එක කැපිටල් වලින් දාන්න. )
උදාහරණ : I will design a Professional LOGO In 24 Hours for $5

Category



Fiverr එකේ GIGS Categories 13කට හා Sub-Categories 115කට බෙදා වෙන්කරලා තියෙනවා.. පහල Link එකෙන් Fiverr Directory එකට ගිහින් ඔයා දාන GIG එකට වඩාත්ම ගැලපෙන Category එක තෝරලා ඒක Category කියන තැනට දෙන්න.ඉන්පස්සේ Sub-Category එකත් තෝරන්න.

Cover Photo



Cover Photo කියන්නේ Fiverr එකට අලුතින් ඇතුලත් කරපු Feature එකක්. මේක අපිට Banner එකක් විධියටනම් Use කරන්න බෑ.. 
  • මේකේ Size එක 1100px X 260px.
  • අපිට මේකට කිසිම විධියේ Text එකක් ඇතුලත් කරන්න බෑ.. 
  • ඒ වගේම ඒක අපි විසින්ම ගන්නා ලද හෝ අපි විසින්ම සාදන ලද එකක් විය යුතුයි.
  • එක Cover Photo එකක් යොදා ගන්න පුලුවන් එක GIG එකක් සදහා පමණයි.
Cover Photo Guideline Video එක පහලින් බලාගන්න පුලුවන්.






GIG Gallery


  • මේකෙදි අපි දාන පින්තූර 682px X 459px Size එකට දාන්න ඕනේ.
  • Graphic Design කරන අයනම් අනිවාර්යයෙන් ඔයාලාගේ දක්ෂතා පෙන්වන විධියට මේවා දාන්න. අනිවාර්යයෙන්ම Images 3ම දාන්න.
  • මතක තියා ගන්න අපි දාන හැම Photo එකකම ලොකුවට Exclusive On Fiverr.com කියලා දාන්න. මොකද Fiverr Team එක ඒ වාගේ ඒවාට ගොඩක් කැමතියි. ඒ වාගේ ඒවා ගොඩක් Promote කරනවා.(Fiverr.com කියලා දාද්දි එයාලාගේ LOGO එක දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඒක මෙතනින් ගිහින් ගන්න. http://fiverr.com/press )

මේකත් මම කාලයක් Use කරපු Account එකකට දාපු එකක්.

Description එක



  • මේක පුලුවන් තරම් ඇහැ යන විධියට ලියන්න ඕනෑ..
  • පුලුවන් තරම් පහල තියෙන අනුපිලිවෙලට Description එක ලියන්න
  • ඔබට මේ සදහා තියෙන සුදුසුකම් හා අනික් Sellersලාට වඩා ඔයාව තෝරා ගැනීමට හේතු.
  • මේ සදහා ගතවන කාලය හා Buyersලාට ලැබෙන සේවාව.
  •  Buyer ගෙන් මේ සදහා අවශ්‍ය තොරතුරු

Tips For A Attractive Description
  •  Description එකේ lines වෙන් කිරීම සදහා අපිට පහල ඇති Dashes පාවිච්චි කරන්න පුලුවන්.
=================================================================================================-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
  • ඒ වගේම අපිට Description එක එතරට විවිධ Symbols ඇතුලත් කරන්න පුලුවන්.( http://fsymbols.com/ )

Tags දැමීම



  • මේක අපේ GIG එක මුල් පිටුවට ගෙන ඒමට හා Search Result එකේ උඩට ගෙන ඒමට උදව් වෙනවා.
  • පුලුවන් තරම් තමන්ගේ GIG එකට ගැනපෙන පරිදි Tags දාන්න. 
  • අපිට Tags 5ක් දැමීමේ හැකියාව තියෙනවා. ඒ වගේම Tags දැමීමේදී ‍Tags අතරට කොමාවක් ( ,) දැමීමෙන් Tags වෙන් කර ගත හැකියි.

Duration

  • මේකට හැකි තරම් අඩු කාල පරාසයක් දෙන්න. 
  • ඒ දෙන කාල පරාසය ඇතුලත අපි GIG එක Deliver කල යුතුයි.
  • කාලය අඩු වෙන තරමට GIG විකිණෙන ප්‍රමාණය වැඩයි.

Instructions for buyer


  • මෙතනදි වෙන්නේ කව්රුහරි අපේ GIG එක අරගත්තාට පස්සේ අපිට ඒක Complete කරන්න අවශය විස්තර ටික Buyerට දෙනවා. Buyer ඒවා දුන්නාට පස්සේ අපිට පුලුවන් වැඩේ පටන් ගන්න.
  • මේකෙදි අපි Simple English වලින් කතා කරන්න ඕනේ. ඒ වගේම Buyerට හොදට Greet කරන්න ඕනේ. Dear Sir/Madam කියලා කතා කලාට ඉතින් අපේ අතින් ගානක් යන්නේ නෑනේ. අනිට මූන පේන එකක්යෑ... එහෙම බැරිනම් Hi හරි Hello හරි කියලා Order කලාට Thanks කියන්න. ඊට පස්සේ අවශ්‍ය Details ටික ඉල්ලන්න.අවසානෙට Thanks කියන්න. එච්චරයි. හරිම Simple Plan එකක්.

උදාහරණ : 
Dear Sir/MadamFirst of all I would like to thank you for choosing me.For Designing your LOGO I need the following details.•The text i should incorporate in it•Your Slogan (If you have )•Your ideas about the logo and describe clearly how do you want it•Please Attach some logos that you like or a sketch drawn by you ( if you like )Feel Free To Contact me Anytime As You WishThank You

දැන් ඉතින් Save & Continue Click කරන්න.


පුලුවන්නම් ලස්සන Video එකක් හදලා දාන්න. මතක ඇතිව ඒකේ Exclusive On Fiverr.com මොකද Video එක Publish කරන්න කලින් Fiverr Team එකෙන් ඒක Review කරනවා. Video එක Orders වැඩි වෙන්න ගොඩක් බලපානවා.
ඔනෙම වෙලාවක Video එකක් දාන්න පුලුවන්. Video එක Upload කරන්නේ නැත්නම් Skip Click කරන්න.


No Thanks Click කරන්න.ඊට පස්සේ Publish GIG Click කරලා GIG එක Publish කරන්න.

ඇත්තෙන්ම අලුතෙන් එන Sellersලාට Fiverr Team එක සෑහෙන්න උදව් කරනවා ගොඩ යන්න..
එහෙනම් අපි ඒකෙනුත් ප්‍රයෝජනයක් ගමු.පහල Link එකෙන් CS එකට යන්න

දැන් Submit A Request Click කරන්න.ඊට පස්සේ Fiverr එකට Message එකක් දාන්න මම Fiverr එකට අලුත් Fiverr එක්ක ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා ඒකට ඔයාලාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා කියලා.

උදාහරණ:
Hi 
I'm a New to FIVERR™.I would like to earn From Fiverr.I would Appreciate if i have some advises to have more Orders and to be a top rate seller.Can you please Promote my GiG and give me lots of sales.
(මෙතන GIG Url එක දාන්න)
Thank You So Much Fiverr

මේකම Copy කරලා දාන්න එපා.. මේක දැම්මේ පොඩි අදහසක් ගන්න.

ඒ වගේම අලුත් Fiverr එකේ Responsive Time කියලා එකක් තියෙනවා.. මේක අඩු කරගන්නා තරමට Orders වැඩි.. මේක අඩු කරගන්න පුලුවන් හොදම ක්‍රමය තමා පුලුවන් තරම් ඉක්මනට අපිට එන Message වලට Reply කිරීම. ඉතින් ඒක කරන්න අපි හැම වෙලේම Online ඉන්නේ නෑනේ... ඒකට මම ගාව පොඩි ක්‍රමයක් තියෙනවා... සුද්දෙක්ගේ Blog එකක තිබිලා තමයි හොයා ගත්තේ.. ඉතින් මමත් ඒකට Modification ටිකක් දාලා ගත්තා...  කස්ටියටම මතක ඇතිනේ මම Account එක හදද්දි කීවා Gmail Account එකක් හදන්න කියලා.. ඒ මේ වැඩේට තමයි..මම ඒක ගැන වෙනම ලිපියක් ලිව්වා... පහල Link එකෙන් ගිහින් ඒක බලන්න.. මේකෙදි වෙන්නේ අලුත් Message එකක් ආවාම Phone එකට Email එකක් එනවා.. අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ පුලුවන් ඉක්මනට Phone එකෙන් හරි Computer එකෙන් හරි Fiverr එකට ගිහින් Reply කරන්න.

මීලග Post එකෙන් Order එකක් Complete කරන හැටි,Positive Feedback ලබා ගන්න හැටි හා Complete කරන් බැරි Orders Cancel කරන හැටි ගැන සාකච්ඡා කරමු.

එහෙනම් අදට කුප්පිය ඉවරයි. ගොඩක් මහන්සි වෙලා මේ Post එක දැම්මේ..
ඒක නිසා යන්න කලින් Comment එකක් දාලාම යන්න.
ඒ වගේම Orders ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවානම් හිත හිත ඉන්න එපා Comment Box එකේ කොටන්න. පුලුවන් ඉක්මනට පිලිතුරු දෙන්නම්.

වැඩි වැඩියෙන් Orders ලැබේවා..!



Powered by Blogger.