අද මම ඔයාලට කියන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක්. මම දැන් කරන්න යන්නේ Computer එකේ Windows තියෙද්දී Android කියන OS(Operating System) එක Run කරන්න. සමහරු හිතන් ඉන්නවනේ Android කියන්නේ Fone වලටයි Tablet වලටයි එන්න OS එකක් කියලා. එත් අපි බලමු කොහොමද මේක අපේ Windows එකේ Run කරන්නේ කියලා. හැබැයි Pentium 4 Computers තියෙන අය නම් මේක කරද්දී එක එක අවුල් යයි. සමහර විට Computer එක Restart වෙන්නත් පුළුවන්. මොකද මේකට පරිගණකයේ Ram එක හා Processor කියන අංග දෙක ගොඩක් බලපානවා. හා එහෙනම් බලමුකෝ කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම පොඩි Software එකක් තියෙනවා. එකත් Download ඔය පහලින් Download කරගන්නකො. ඉතින් පොඩි Software එකක් කීවට පොඩි නැ 95MB වගේ තියෙනවා.
දැන් එහෙනම් Software එක Install කරගන්නකෝ.
දැන් තව එකක් තියෙනවා ඒ තමයි Android 4.2.2 මේකත් Download කරගන්නකො...200 MB විතර තියෙනවා.
හරි දැන් කරන්න තියෙන්නේ Android එක Run කරන එක විතරයි.එක මේ විදිහට පිළිවෙලට කරන්න.
1.මුලින්ම ඔයාලා Install කරගත්තු Software එක Open කරගන්නකො.
2.දැන් ඔකේ New කියන එක දෙන්න .
3.දැන් එකේ තියෙන විස්තර ටික මෙන්න මේ විදිහට Select කරන්න.
Name - Android
Type - Other
Version - Other\Unknown පස්සේ Next දෙන්න
3.ඊට පස්සේ මෙතනින් ඔයා දාන OS එකට කොච්චර Ram එකක් දෙනවද කියලා අහනවා. සාමාන්‍යයෙන් ඔයාලගේ Ram එකෙන් 1/2 විතර මේකට දෙන්න. ඒ කියන්නේ ඔයාගේ Ram එක 2 GB වගේ නම් මේකට 800 MB විතර Select කරන්න
4.ඊට පස්සේ ඔයාලට ඔය පල්ලහින් තියෙන විදිහට පෙනෙයි. ඊට පස්සේ එකේ Create කියන එක දෙන්න.
5.දැන් ඊළඟට ඔයාලට Hard Drive File Type කියලා අහයි. එකෙන් HDD කියන එක Select කරලා Next කරන්න
7.දැන් ගොඩක් වැඩ ඉවරයි. එත් ප්‍රදානම වැඩේ තියෙන්නේ දැන් ඒ තමයි Android Install කරන එක. ඔයාලට මෙහෙම මෙහම එකක් ආවනේ.
8.දැන් ඔකේ Start කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙම පෙනෙයි. එකෙන් මම ඔය රතු පාටින් තියෙන එක Click කරලා අර ඔයා Download කරගත්තු Android iso File එක Browse කරලා පෙන්නන්න. ඔය පහලින් තියෙන්නේ කරන විදිය.
ඊට පස්සේ Start කියලා එක දෙන්න.
9.දැන් ඔයාලා මේකෙන් පළවෙනියට තියෙන Run Android x86 Without Installation එක දෙන්න
10.ඉතින් ඊට පස්සේ විනාඩි 5 - 10 ත් අතර වෙලාවක් යයි. ඊට පස්සේ Android Start වෙයි.
11.දැන් ටිකක් වෙලා ගිහිල්ලා Android On වෙයි. ඊට පස්සේ මෙහෙම පෙන්නයි. ඊට පස්සේ ඔයාලා English Select කරලා Start දෙන්න.
Select Wi Fi කියන එක Skip කරන්න.
දැන් මේකේ Massage ගොඩක් එයි ඒවා සේරටම > කියන එක දෙන්න.
දැන් ඔන්න Android Start උනා.
12. ඔයාලට මේක Shut Down කරන්න ඕනි නම් Menu එකේ Setting ගිහිල්ලා අන්තිමට Power Off කියලා ඇති එක දෙන්න.
දැන් ඔන්න වැඩේ ඉවරයි. ඔයාලට මේකේ ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඔය යට තියෙන ටිකත් කියවලා වැඩේ ඉන්න.
- ඔයාලට මේ Screen එක Full Screen දාගන්න ඕනි නම් View / Switch To Full Screen
- ඔයාලට Android එකේ Mouse එක Windows වලට ආයේ ගන්න බැරි උනොත් Ctrl+Alt+Del එක දීල Task Manager එක Open කරගන්න.එතකොට Mouse එක Windows වලට එයි.
දැන් වැඩේ ඉවරයි. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් උනොත් Comment එකක් දාන්න. නැත්තම් අපේ Facebook Fan Page එකෙන් අපිත් එක්ක සම්බන්දවෙන්න.
Tharindu · 581 weeks ago
sachith · 552 weeks ago
kasun · 515 weeks ago