Saturday, September 21, 2013

Fiverr® එකේ Orders Complete කරමු | Fiverr කුප්පිය #04

| |

‍කලින් ‍Post බලන්න මෙතනින් යන්න පුලුවන්.

සල්ලි උල්පත - Fiverr | Fiverr කුප්පිය #01


දැන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Fiverr® එකේ Orders Complete කරන හැටි,Complete කරන්න බැරි Orders Cancel කරන හැටි හා 100% Positive Feedback ලබා ගන්න හැටි.

Order එකක් Complete කරන හැටි


අපිට Sales කියන තැන Click කරලා අපේ New Orders බලා ගන්න පුලුවන්.


දැන් New Orders Select කලාම ඔයාට ඔයාගේ New Orders බලා ගන්න පුලුවන්...

අපිට දැන් තියෙන්නේ Order එක Complete කරන්න.දැන් ඉතින් කරන්න තියෙන්නේ මුලින්ම තියෙන Order එක උඩ Click කරන්න. මුලින්ම තියෙන එක Click කරන්න ඕනේ ඒකෙ orders පෙලගස්වලා තියෙන්නේ Order කරපු පිලිවෙලට නිසා..

ඒක Click කලාම පහල තියෙනවා වගේ එකක් පෙනෙයි.


  1. Buyer විසින් Order කරන ලද GIG එක
  2. ඒක Complete කරන්න ඉතුරු වෙලා තියෙන වෙලාව ( මේ වෙලාව ඉකුත් වූ පසුත් අපිට Deliver කිරීමේ හැකියාව තිබෙනවා.නමුත් Buyerට Order එක Cancel කිරීමේ හැකියාව තියෙනවා.බැරිවෙලාවත් Buyer අපි Deliver කරන්න කලින් order Cancel කලොත් සල්ලිත් loss.ඒ වගේම Negative Feedback එකකුත් වැටෙනවා.)
  3. ‍මෙතන තියෙන්නේ අපි GIG එක හදද්දි  Instruction To Buyer කියන තැනට දාපු ඒවා.
  4. මෙතන තමා අපිට අවශ්‍යම දේවල් තියෙන්නේ.. මේ තියෙන්නේ Buyer අපිට දීලා තියෙන Instructions. මේක මගේ LOGO Design GIG එකකට ආව නිසා මේකෙ තියෙන්නේ LOGO එක හදන්න ඕනෙ කොහොමද කියලා.
  5. අපි Buyerට ඕන දේ හැදුවට පස්සේ Deliver කරන්න ඕනේ මෙතෙන්ට..
ඊට අමතරව පහලින් පොඩි Box එකක් තියෙනවා..ඒකෙන් අපිට පුලුවන් Buyerට Message යවන්න.


ඊට පස්සේ අපිට තියෙන්නේ Deliver කරන්න.. ඕන දේවල් upload කරලා Buyerට Message එකක් යවන්න Dear Sir/Madam හරි Hello හරි මොනවා හරි කියලා ලස්සන වදන් ටිකක් දාලා අන්තිම‍ට කියන්න ඔයා මේකේ වැරදි තියෙනවානම් ඒවා හදලා දෙන්න බැදිලා ඉන්නවා කියලා.ඒ වගේම කියන්න ඔයාගේ වැඩවලට කැමතිනම් Positive Feedback එකක් දාන්න කියලා.මේ වගේ message එකක් දාපුහාම වැටෙන්න තියෙන Negative Feedback එහෙමත් නැති වෙනවා.

Order එක Deliver කරන්න බැරිද........? මෙන්න ඒ Order එක Cancel කරන ක්‍රමේ......



අපිට Order එක Deliver කරන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවානම් අපිට කරන්න තියෙන්නේ Resolution Center එකට ගිහින් Request Cancellation කරන්න.මේකෙදි වෙන්නේ අපි Buyerට කියනවා අපිට මේක කරන්න බැ ඒක නිසා Order එක Cancel කරන්න පුලුවන්නම් අපි සල්ලි ආපහු දෙන්න කැමතියි කියලා..  අනිවාර්යයෙන්ම උන් කැමති වෙනවා. මොකද උන් කැමති නෑනේ සල්ලි නිකන් වියදන් කරන්න.


Buyer Order එක Complete කලේ නැත්තම් මොකද වෙන්නේ..??

ඇත්තෙන්ම කියනවානම් Buyer Order එක පිලිබදව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් දවස් 3කින් Order එක Auto Complete වෙනවා.. හැබැයි එයා අන්තිම මොහොතේ හරි Modification එකක් වගේ ඉල්ලලා තිබුනොත් අපිට සිද්ධ වෙනවා එයා කියන විධියට ඒක හදලා දෙන්න. ඒ වගේම Complete කලොත් සල්ලි අපිට හම්බ වෙනවා..

මීලග ලිපියෙන් මම බලාපොරොත්තු වෙනවා Facebook like Bot,Twitter Like Bot වගේම Addmefast bot එකකුත් ලබා දීලා සල්ලි හොයන හැටි කියලා දෙන්න. 


දැන් ඔක්කෝම හරි.අතත් රිදෙනවා Type කරලා.
කට්ටියගෙ ආදායම ප්‍රගතිය එහෙම මේ පැත්තට ඇවිත් කියලා යන්න අමතක කරන්න එපා.. යන්න කලින් Comment එකක් එහෙම කොටාගෙනම යන්න.


Powered by Blogger.