Monday, September 16, 2013

හරි විධියට Fiverr Register වෙමු ‍‍| Fiverr කුප්පිය #02

| |
කොහොමද ඉතින්.... ඔන්න ඉතින් මම පොරොන්දු වුන විධියටම  Fiverr කුප්පිය #02 ත් අරගෙන ආවා... කලින් ලිපිය බලපු නැති අය ඉන්නවානම් පහල Link එකෙන් ගිහින් ඒක බලන්න..... 

සල්ලි උල්පත - Fiverr | Fiverr කුප්පිය #01


හරි. දැන් අපි අද කුප්පිය පටන් ගමු... කලින් කුප්පිය බලපු සමහර අයනම් මේවත් වැඩද කියලා පට ගාලා ගිහින් Register වෙන්න ඇති.. සමහරක් අය GIG දාන්නත් ඇති... ඒත් Orders නැහැ නේද.... ඒකයි මම අද #2 කුප්පියෙන් කියලා දෙන්න යන්නේ හරි විධියට Fiverr Register වෙන හැටි....

මුලින්ම අපි හිතන්න ඕනේ අපි Fiverr වල මොනවාද කරන්න හිතාගෙන ඉන්නේ කියලා..... උදාහරණයක් විධියට ඔයාට හොදට Graphic Design පුලුවන්නම් Graphic Design කරන්න.. ඒකෙදි අපිට පුලුවන් අපේ Username එක විධියට Elite Graphics,Royal Graphics,killer Graphics,Creative Graphics වගේ නමක් තෝරා ගන්න... මොකද අපේ  Username එකත් Orders වලට බලපානවා.... සමහරවිට ඔයා Social Marketing වගේ දෙයක් කරනවා වෙන්න පුලුවන්.. එහෙම වෙලාවට අපි කරන වැඩේට ගැලපෙන්න නම දාගන්න ඕනේ....

හරි.. දැන් එහෙනම් ඔයා ඔයාට ගැලපෙන Username එකක් තොරගන්න ඇති කියලා මම හිතනවා...


Fiverr වලින් සල්ලි හොයන්න කලින් දැනගත යුතු දේවල්

[$] Fiverr වලදි අපිට විකුණන්න ලැබෙන්නේ S5 කොටස් පමණයි. ඒකෙන් $1 Fiverr එකෙන් කපා ගන්නවා.හැබැයි එහෙම කපා ගත්තා කියලා අපිට කිසිම පාඩුවක්‍ වෙන්නේ නෑ. ඒ වගේම සෑම Withdraw කිරීමකදීම 2%ක් කැපෙනවා.
[$]අපිට යම්කිසි කෙනෙක් Order එකක් දැමුවොත් අපි ඒ කාලය ඇතුලත ඒක Complete කරලා Deliver කල යුතුයි. 
[$]ඇතැම් විට ඒකෙ වැරදි තියෙනවානම් අපේ Customer Modification එකක් ඉල්ලයි.එහෙම උනොත් හැකි ඉක්මට එක කරලා දෙන්න ඕනේ.
[$]ඒ වගේ දැන් Fiverr V2 වලට ඇවිත් තියෙන අලුත්ම නීතිය තමා එක්‍ අයෙක්ට තියෙන්න පුලුවන් එක Account එකක් පමණයි. ඒ කියන්නේ එක Paypal Address එකකට සල්ලි ගන්න පුලුවන් එක Account එකකින් පමණයි.
[$]ඒ වගේම තමා අපිට Buyer ගෙන් Direct සල්ලි ගැනීම තහනම්. ඒ හැම ගනුදෙනුවක්ම වෙන්න ඕනේ Fiverr හරහා පමණයි.

හරි එහෙනම් අපි දැන් අපේ Fiverr Account එක හදන්න පටන් ගමු.

හරි විධියට Fiverr Register වෙමු !

මුලින්ම කියන්න ඕනේ අපිට Fiverr Account හදන්නනම් ක්‍රම දෙකක් තියෙනවා.. එකක් තමයි ලංකාවේ විධියට හදන එක. හැබැයි මේකෙදිනම් ටිකක් Orders වල අඩුවක් තියෙනවා.. මොකද ඉතින් අපේ රටේ අය තැනකට ගියොත් එතන වනසලා රටේ නමත් කාලානේ එන්නේ.(හැමෝම නෙවෙයි,සමහරක් අය) හැබැයි මේ Orders වල අඩුව බලපාන්නේ Social Marketing කරන අයට විතරයි. Graphic Design වලටනම් මේක කොහෙත්ම බලපාන්නේ නෑ.... 

Fiverr Account එකක් හදන්න අලුතෙන්ම හදපු E-Mail එකක් පාවිච්චි කරන්න.Gmail Account එකක් හදාගන්නවානම් ගොඩක් හොදයි. ඒක වෙන කිසිම දේකට Use කරන්නේ නැති තරමට හොදයි.. ඒකට හේතුවත් මම පැහැදිලිව ඊලග කුප්පියත් එක්ක දාන්නම්.

• Sri Lankan විදියට Register වෙන හැටි

මුලින්ම පහල තියෙන Banner එක Click කරලා Fiverr එකට යන්න.


ඊට පස්සේ පහල තියෙන විධියට Get Started Now Click කරන්න. එහෙමත් නැත්නම් Join Now Click කරන්න.


දැන් අර කලින් හදාගතත්ත අලුත්ම Email එක දාලා ඔයාගේ Username එකක් ඇතුලත් කරන්න. Username ඇතුලත් කිරීමට අපිට 
Underscore ( _ ) භාවිතා කරන්නත් පුලුවන් Space වෙනුවට. ඔය විධියට ඔක්කෝම Fill කරලා Join Click කරන්න...


• US ip එකකින් join වීම.

මේකෙදිනම් ඉතින් අපිට පොඩි හොර වැඩක් කරන්න වෙනවා.ඒ තමයි අපේ IP වෙනස් කිරීම.දැනටනම් Fiverr Ip Detect කරන්නේ Register වෙද්දී පමනයි. ඊට පස්සේ මොන Ip එකෙන් ගියත් අවුලක් නෑ.. දැන් මම කියලා දෙන්නම් US Ip එකක් දාගන්න විධිය. මේ විධියට කලා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැ ලාභ මිසක්. :D 

ලේසියෙන්ම US විධියට ip


දැන් මුලින්ම Control Panel යන්න.
Network and Internet Click කරන්න

 දැන් Network and Sharing Center Click කරන්න

Set up a new connection or network click කරන්න

 

Connect To A Workplace Click කරන්න


No,Create a new connection තැන Mark කරලා Next කරන්න.


Use my internet connection ( vpn ) Click කරන්න


දැන් මෙතන Internet Address කියන තැනට දාන්න superfreevpn.com කියලා.

Destination Name එකට ඔයා කැමති නමක් දෙන්න.


දැන් Taskbar එකේ තියෙන Internet Connection icon එක Click කලාම Connection යටතේ අපි හදපු එක පෙන්වයි. දැන් ඒක උඩ Click කරලා Connect Click කරලා එන Window එක open කරගන්න. දැන් පහල තියෙන වෙබ් අඩවි‍යට යන්න.


ඒ අඩවියේ ඇති පහල තියෙනවා වගේ තැනක්. දැන් ඒකේ තියෙන විස්තර ( username එකයි Password එකයි ) අර Window දාලා Connect කරන්න.. දැන් ඔයා US ip එකකින් Internet යන්නේ.... මේකෙදි Speed එකේ කිසිම වෙසක් වෙන්නේ නෑ...


මෙතනින් ගිහින් දැන් ඔයාගේ ip එක බලා ගන්න පුලුවන්.

දැන් අර කලින් කියලා දුන්න විධියට Fiverr එකට ගිහින් Register වෙන්න.

දැන් Public Profile Settings යන්න.


මෙහි Profile Photo එකට ඔයා කරන වැඩවලට සම්බන්ද photo එකක් හැමවෙලේම දාන්න.

ඒ වගේම Description එකේදි කියන්න ඔයා කරන වැඩ සහ අනික් අයට වැඩිය ඔයාව තෝරා ගැනීමට හේතු. ඒ වගේම ඔයාට මේ ගැන අවුරුදු 
4-5කම පලපුරුද්ද තියෙන බවත් කියන්න.

අම්මෝ... දැන්නම් අතත් රිදෙනවා... එහෙනම් අදට කුප්පිය ඉවරයි... ඉතුරු කොටස ලගදීම බලාපොරොත්තු වන්න...

ඊලග කුප්පියෙන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා කොහොමද සුපිරියටම Orders එන GIG එකක් හදන්නේ කියලා...

යන්න කලින් මේ ගැන Comment එකක් දාලාම යන්න. 

එතෙක් ඔබට ජය !




Powered by Blogger.