Sunday, September 15, 2013

සල්ලි උල්පත - Fiverr | Fiverr කුප්පිය #01

| |

Fiverr.ඇත්තටම Fiverr කියන්නේ සල්ලි උල්පතක්... ලක්ෂපතියො දාස්පතියො බිහිකරපු බිහිකරන සල්ලි උල්පතක්....
මම ගැන කීවොත් තාම Fiverr වලින් බිහිවුන දාස්පතියෙක්... ඒකත් මට හම්බ උනේ Iplus Blog ලියන අයියට පින් සිද්ද වෙන්න. :D ‍

ගොඩක් අය Fiverr තෝරගන්න හේතු ගොඩක් තියෙනවා...
  • මේ Site එක හරහා ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන්.
  • ඒ වගේම ඉක්මනින් ඒ සල්ලි ලංකාවට නීත්‍යානුකූලව ගෙන්වා ගන්න පුලුවන්.
  • මේකෙදි අපිට සල්ලි හොයන්න ක්‍රම ගොඩක් හදා ගන්න පුලුවන්.

මේ ‍විධියට බලපුවාම ඇත්තටම Fiverr සල්ලි උල්පතක්. හරි.. අපි දැන් පටන් ගමු ඒ උල්පතින් සල්ලි දෝතක් ගන්න... :D.. දෝතක් නෙවේ,හොදට වැඩ කලොතින් මුලු උල්පතම තමන්ගේ කරගන්න පුලුවන්... ඒ උනාට අපි පරාර්ථකාමී වෙන්න ඕනෙනේ..... :D ...

Fiverr කියන්නේ මොකක්ද ?

ඇත්තෙන්ම Fiverr කියන්නේ Freelance Site එකක්.. මේකෙ තියෙන විශේෂත්වේ තමයි අපිට මේකෙදී හැම වැඩක්ම කරන්න තියෙන්නේ $5ට.. ඒකයි මේකට Fiverr කියන්නේ...  Fiverr ආරම්භ වෙලා තියෙන්නේ 2010 මාර්තු මාසයේ.. ඒ වගේම මේ වෙනකොට,ඒ කියන්නේ 2013 සැප්තැම්බර් වෙනකොට Buyers & Sellersලා 1,700,000 ඉන්නවා... ඒ වගේම ගිග්ස් මිලියන 2ක් දාලා තියෙනවා... පහල පින්තූරය උඩ Click කරලා දැන් Fiverr වල Buyer & Sellers සහ Gigs ගාන බලා ගන්න පුලුවන්..



සමහර අයටනම් කොච්චර කීවත් මේ Site එක ගැන විශ්වාස කරන එකක් නෑ.... ඒ අයටයි මම මේ පහල දාලා තියෙන Screen Shot ටික තියෙන්නේ..

පලමු Account එක
දෙවන Account එක
කොහොමද... නියමයි නේද...... තනියම කන්න හොද නැති නිසයි බෙදාගෙන කන්නේ.... මේ Screen Shot දෙකම මගේම Account දෙකකින් ගත්තු ඒවා.... 


මම මේ හැමදේම දැම්මේ කස්ටියගේ බය නැති කරන්න.

මගේ උත්සාහය සාර්ථකයි කියලා හිතනවා....

දැන්නම් ටිකක් අමුතු කතාවක් කියන්න යන්නේ.... මුලින්ම පහල තියෙන Screen Shot එක බලලා එන්නකෝ..

දැන් පොඩ්ඩක් බලන්නකෝ මෙයාගේ Votes ගාන... දැන් අපි පොඩ්ඩක් හොයලා බලමුකෝ මෙයා හොයලා තියෙන ගාන මේ ගිග් එකෙන්....

21561 X 4 = $ 86244 

පිස්සු හැදෙනවා නේද.... 

සාමාන්‍ය‍යෙන් මේ වගේ Review එහෙමත් නැත්නම් VOTE දාලා යන්නේ Orders දාන අයගෙන් 25% - 30% විතර... 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් විතර.... පොඩ්ඩක් පහල පින්තූරේ බලලා ඒක ගැන පොඩි අදහසක් ගන්නකෝ...


එහෙම බැලුවොත්;
86244 X 4 =  $344976

ඒ කියන්නේ රු.45,623,076.00 විතර

පිස්සු හැදෙනවා නේද..... එහෙනම් අදට කුප්පියනම් ඉවරයි.. මීලග කුප්පියෙන් මම කියලා දෙනවා කොහොමද හොදට Orders එන Account එකක් හරියට හදා ගන්නේ කියලා....

එහෙනම් මම කැපුනා... පුලුවන් තරම් ඉක්මනට මම ඉතුරු කුප්පි ටිකත් දාන්නම්.... ‍යන්න කලින් මේ ගැන Comment එකකුත් කොටාගෙනම යන්න.....අපේ Fan Page එකට එකතු වෙලාම යනවානම් ඒක මට කරන ලොකු උදව්වක්.... 



Powered by Blogger.